
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18 වැනිදා) දිවයිනේ සියලු රෝහල් තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව තිබේ.
මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.
විධිමත් පැමිණිල්ලකින් තොරව බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලබන විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.
මීට අමතරව පසුගිය 10 වැනිදා සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට කටයුතු කරනා බවත් එම කාලය ඇතුළත මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ මස අවසානයේදී මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval