
කාන්තා හා ළමා කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මහනුවර 09දා පැවති සමගි ජන සන්ධානයේ ජන රැලියට එක්වූ අතර ඇය ඊට පෙර රනිල් වික්‍රමසිංහට සහය දීමටත්
ඊටත් පෙර පොහොට්ටු අපේක්ෂකයාට සහය දීමටත් සූදානම්ව සිට තීරණ වෙනස් කළ අයෙකි. ඇගේ තීරණ වෙනස ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ මෙවැනි කතාවකි.
“අපේ රටේ සෑම බිහිසුණු අවස්ථාවකම, සෑම තීරණාත්මක මොහොතකම ඒ තීරණය ගන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාන්තාව. ඒ කාන්තාවට පහර ගසන, කාන්තාවගේ ශක්තිය අඳුනන්නේ නැති, කාන්තාවට නිතරම කුහකකම් කරන මිනිස්සු එක්ක මොන දේශපාලනයක්ද කියලා මම ඔබතුමන්ලාගෙන් අහනවා.
අපි එකතුවෙද්දි අවංක නායකයෙක් මම හඳුනාගත්තා. සජිත් ප්‍රේමදාස මහතා මට පාර්ලිමේන්තුවේ කාන්තා කටයුතු ගැන ඇවිත් නිතරම කියනවා. එදයි මම පැහැදුණේ. එදා තමයි එතුමා සමග විශ්වාසවන්ත කම ගොඩනගා ගත්තේ. මගෙන් ඇහුවා සජිත් මහත්මයා දිනනවා කියලා දැනගෙන නේද ආවේ කියලා.
ඔව් මම දැනගෙන ආවේ. ඒ නිසා ඒක කාටවත් නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ. එතුමා දිනනවාමයි.”
Comments
Post a Comment
Your comment will be visible after approval