
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල විවිධ උත්සව සැමරීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ එවැනි ක්‍රියා මගින් දෙමාපියන්ට හා සිසුන්ට අනවශ්‍ය පීඩනයක් ඇති වන බැවිනි.
අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසා ඇත්තේ මෙවැනි මුදල් එකතු කිරීම් නිසා ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවයි. ඇය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ලෝක ළමා දිනය, ගුරු දිනය වැනි උත්සව සැමරීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval