
බුලත්කොහුපිටිය ලෑවල කෝවිලක ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිල්ලක තිබී ගෙල වැලලාගෙන දිවි නසාගත් පුද්ගලයකුගේ සිරුරක් හමුව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ කරදවත්ත අරුග්ගම්මන ලිපිනයේ පදිංචිව සිටි 47 හැවිරිදි හේවාපේඩිගේ උපුල් පත්ම කුමාර නමැති තිදරු පියෙකි.
මියගොස් ඇති තිදරු පියා තදින්ම මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවී ඇති බවත් ඉකුත් 20 වැනිදා රාත්‍රි පහළට ගිහින් එන්නම් යැයි බිරියට පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
නිෙවසේ සිට කිලෝමීටර් 2ක් පමණ ඈතින් ලෑවල අංක 02 කොටස වත්ත පිහිටා ඇති බවත් එම වත්තේ අලුතින් ඉදි කරමින් පවතින ගොඩනැඟිල්ලක ගෙල වැලලාගෙන සිටින අයුරු (පෙරේදා) 21 වැනිදා පෙරවරුවේ අසල වත්තක පුද්ගලයකු දැක ඥාතීන්ට පවසා බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බවත් පොලිසිය පැවසීය. පැමිණිල්ලට අනුව ලෙවන්ගම හදිසි මරණ පරීක්ෂක ඒ.ජී. සෝමසේකර මහතා හා බුලත්කොහුපිටිය පොලිසියේ පොලිස් සැරයන් ධර්මසිරි (48724) සිද්ධිය වූ ස්ථානයට පෙරේදා (21) ගොස් මූලික පරීක්ෂණ සිදු කර වැඩිදුරටත් පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල මහා රෝහල වෙත භාර කෙරිණ.
කෑගල්ල මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරංග කුලතුංග මහතා විසින් ඊයේ (22 ) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
(කෑගල්ල චමින්ද ජයලත් , ගාමිණී රම්‍යපාල)
Comments
Post a Comment
Your comment will be visible after approval