
නව රජය විසින් දැනට සේවයේ නියුතු දෙදහසකට ආසන්න ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට යොදවීමට තීරණය කර ඇත. මෙම තීරණයට අනුව, හිටපු මැති ඇමතිවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව හා දීර්ඝ කාලයකට පෙර
පාර්ලිමේන්තුව නියෝජනය කළ නමුත් දැනට එසේ නොකරන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට ද යෝජනා වී තිබේ. ඊට අමතරව, ඉදිරියේදී මැති ඇමතිවරුන්ට අසීමිත ලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම නතර කිරීමට ද රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත්, ආගමික නායකයින්, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු අනෙකුත් විනිසුරුවරුන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, තානාපතිවරුන් සහ විදේශීය රාජතාන්ත්‍රික නියෝජිතයින් සඳහා දැනට ලබා දෙන ප්‍රභූ ආරක්ෂාව එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇත. එමෙන්ම, යම් ආකාරයක තර්ජනයකට ලක්ව ඇති බවට හඳුනාගත් ප්‍රභූ පුද්ගලයින් සඳහා ද ආරක්ෂාව අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval