
ගුවන් මගීන්ගේ ගමන් මලු හොරෙන් විවෘත කර ඒවායේ භාණ්ඩ සොරා ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයකු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව තිඹිරිගස්කටුව ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි ශ්රීලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරයි.
මොහු ඉකුත් 09/23 දින මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු, ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය වෙත රහසිගතව ඇතුළුවී, එහි තිබූ ගමන් මලු හොරෙන් විවෘත කර ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබේ. ම
ෙම කැමරා දර්ශන නිරීක්ෂණය කළ ශ්රීලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත ලබාදීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ මේ ආකාරයට ගුවන් මගීන්ගේ ගමන් මලු තුළ ඇති භාණ්ඩ මේ ආකාරයට අතුරුදන්වී ඇති බවට පැමිණිලි ශ්රීලන්කන් ගුවන් සේවය සහ කටුනායක ගුවන්තොටුපොළ වෙත ලැබී තිබූ අතර , ඔවුන් මේ පිළිබඳ විමසිලිමත්වී සිටීම නිසා මෙම සේවකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය මෙම සේවකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
(කටුනායක ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval