
ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් වැඩි උනන්දුවක් දක්වා නැතැයි වාර්තාවේ.
රූපවාහිනී සංස්ථාවෙන් ඊයේ වන විට ගුවන් කාලය ලබාගෙන කතා පටිගත කරගෙන සිටියේ අපේක්ෂකයන් පස් හය දෙනකු පමණක් බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.අපේක්ෂකයන් කිහිපදෙනකු ගුවන් කාලය අවශ්‍ය නැතැයි ප්‍රකාශ කරඇති බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂකයන් 38 දෙනාගෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ 15 දෙනකු පමණක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. ඇතැම් අපේක්ෂකයන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට පවා නොහැකි වී ඇති බව ද නිරීක්ෂණ සංවිධාන ආරංචි මාර්ග සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval