
බන්ධනාගාරයේ සිටින රැඳවියන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මෙම පිරිසට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් 66 දෙනෙකු සහ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 265 දෙනෙකු ඇතුළත් බව වාර්තා වෙයි.
පසුගිය වසර දක්වා බන්ධනාගාරයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 185006ක් බවත් ඉන් 14,952ක් උසස් පෙළ සමත් වූ බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ හැර සෙසු රැඳවියන් අතරින්44,614ක් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් අය බව පැවසේ.
8 වැනි පන්තිය පමණක් සමත් 64,684 දෙනකුද, 5 වැනි පන්තිය පමණක් සමත් 34,673 දෙනකුද, 1-5 පන්ති අතර අධයාපනය අතහැරිය 20,188 දෙනකුද සිටි බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මෙම පිරිසේ පාසල් නොගිය 5370 දෙනෙකු සිටි බවද අනාවරණය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval