
සිය බිරිද අනියම් සැමියා සමග ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඔවුන් ලුහුබැඳ ගොස් බිරිඳගේ සැමියා, අනියම් සැමියාට කතුරකින් ඇණ ඝාතනය කර ඇතැයි බියගම පොලීසිය සඳහන් කරයි.බියගම, වීරසේකරපුර තාවකාලිකව පදිංචිව සිටි මාබිම හෙයියන්තුඩුවේ පදිංචි මධූෂික එෂාන් මධුසංඛ (30) නමැත්තෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
පෙරේදා (23) පස්වරුවේ මල්වාන හන්දියේදී මෙම සිද්ධිය සිදුව ඇත.මියගිය පුද්ගලයා තමා පැදවූ ත්‍රිරෝද රථයේ අනියම් බිරිද සමග මල්වාන මාපිටිගම දෙස සිට බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී එය පසුපසින් යතුරුපැදියකින් ලුහුබැඳ ගිය තිදෙනෙක් ත්‍රිරෝද රථයේ පසුපසට ගල් ප්‍රහාරයක් එල්ලකර මග හරස් කර ත්‍රිරෝද රථය නවතාගෙන අනියම් සැමියාට කතුරකින් ඇන පලාගොස් ඇත.සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයා අනියම් බිරිඳ ඇතුළු පිරිසක් එක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.සිද්ධියට සම්බන්ධ දැනට හඳුනාගෙන ඇති බියගම වීරසේකරපුර පදිංචි ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
( ඩබ්.ඩී එම් විතානගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval