
බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් රැගෙන ඇතුළු වූ පුද්ගලයින් 6දෙනෙකු විසින් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.
ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval