
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව අරුණි විජේවර්ධන මහත්මිය 2024 සැප්තැම්බර් මස 25 වැනි දින එම අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.
මීට පෙර, 2022 මැයි මස 20 වැනි දින සිට ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් සේවය කොට තිබිණි.
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක වන විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසර 36 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබේ. මෙම කාලය තුළ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් ඇය විවිධ තනතුරු රැසක් හොබවා තිබේ.
විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය, බ්‍රිතාන්‍ය ෂෙවෙනිං විද්‍යාර්ථියකු වශයෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හා බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමිකර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval