
ජනාධිපති ධුරයේ වගකීම් භාරගැනීමෙන් පසුව ඊයේ (23) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේද, අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද හමුවීමට අනුර කුමාර දිසානායක නව ජනපතිවරයා කටයුතු කළේය.
එසේම ඊයේ (23) පස්වරුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු පිරිසද කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා ඇතුළු පිරිසද ඔහු හමුවීය.
Photos below



Comments
Post a Comment
Your comment will be visible after approval