
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති රැළියට සහභාගී වී යළි යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙයි.
ඒ, බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදීයි. මග රැකසිටි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා විය.
එහිදී තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙයි.
ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval