මාස 6කට වැඩි කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අධිකරණය මගින් ඇප මත නිදහස් කර ඇත.
අද (11) ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදී ඇත්තේ, සැකකරු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින්ය.
ඇප ලැබුනේ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් යන ඇප කොන්දේසි විදෙස් ගමන් ද තහනම් කොන්දේසි මතයි.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ඊට අමතරව, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර යන සැකකරුවන්ද අද දින ඇප මත මුදා හැරී නමුත්, මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගතව ප්‍රතිකාර ලබන අතර මානසික රෝග වාර්තා පෙන්වූ නිසා අධිකරණය ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval