
වසර 14 ක සිට එකට ජීවත් වූ මිතුරියන් දෙදෙනකු සිය නිවෙස තුළ එකට ගෙල වැලලාගෙන මිය ගොස් තිබීමේ පුවතක් වැලිපැන්නගහමුල්ල පොලිස් වසමේ කූතාරිප්පුව ග්‍රාමයෙන් ඊයේ පෙරවරුවේ ( 29 ) වාර්තා වුණි.
මේ අන්දමින් එකට ගෙල වැලලාගෙන මිය ගොස් සිටියේ ජේ. ඒ. අප්සරා සෙව්වන්දි හා ඇගේ මිතුරියක වන ඩබ්. ලලිතා උපමාලි නම් දෙදෙනෙකි.
මිය ගොස් සිටින ලලිතා උපමාලි කෑගල්ල ප්‍රදේශයයේ පදිංචිකාරියකි. ඇය මෙම නිෙවසේ සිටින අප්සරා සෙව්වන්දි යන අයගේ හොඳම මිතුරිය වේ. මේ මිතුදම අවුරුදු 14ක් තිස්සේ පවතින්නක් බව කියැවේ.
මිය ගොස් සිටින අප්සරා සෙව්වන්දි යන අයගේ මවුපිය දෙදෙනා පෙරේදා රාත්‍රී කිඹුල්කොටුමුල්ල දේවාලයට බෝධි පූජාවකට ඇරලවා තිබුණේ මිය ගිය යෙහෙළිය වන ලලිතා උපමාලි බව ඇගේ පියා වන එඩ්මන්ඩ් ජයසිංහ මහතා කීය.
බෝධි පූජාව අවසන් වන විට ඔවුන් දෙදෙනාව එක්කර ගෙන ඒමට එන බව කියා ආපසු නිෙවසට ගිය උපමාලි නැවත එන තුරු මෙම මවුපිය දෙදෙනා මඟබලා සිට ඇත. එක්කරගෙන යෑමට නොපැමිණීම නිසා එම මවුපියන් ඊයේ දින පහන් වන තුරු දේවාලයේ රැඳී සිට ඇත.
පසුව මෙම දෙදෙනා ඊයේ අලුයම නිවෙසට විත් “පුතේ පුතේ” යනුවෙන් කෑ ගසා නිෙවසේ සෑම තැනම සොයා බලද්දී ඇය කාමරයක් තුළ සීතල වී සිටිනු දුටු බව පියා වන එඩ්මන් ජයසිංහ මහතා කීය.
මියගිය දෙදෙනාම අවිවාහක අය වන අතර අවුරුදු 52 හා 49 වයස්වල අය වෙති.
මේ පිළිබඳව වැලිපැන්නගහමුල්ල පොලිසියේ පො. කො. (57996) දිසානායක මහතාගේ මෙහෙයවීම මත උඩුබද්දාව කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අරුණ සත්කුමාර මහතා සිද්ධිය වූ ස්ථානයේදී මූලික පරීක්ෂණ සිදු කළ අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
(උඩුබද්දාව -ආර්. ඇම්. කරුණාතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval