
පසුගිය ජූලි 08 වනදා අතුරුගිරිය ටැටූ සාප්පුවකදී සුරේන්ද්‍ර වසන්ත හා නයන වාසුල ඝාතනය කළ සිදුවීමට අදාළ වෙඩික්කරුවන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් හෙළි කළ පාපොච්චාරණය අනුව නයන වාසුල මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්වන්නේ නිරපරාදේය.
උත්සවයට ආරාධිතයෙකු සේ පැමිණෙන කේ සුජීවා සහ ඇගේ සැමියා නයන වාසුල එහි එන්නේ අවංක අරමුණකිනි. එදින ක්ලබ් වසන්ත එහි පැමිණෙන නමුත් අන්තරාය තත්වයක් ඇති බව දැන සිටියේ නැත.
නමුත් හිටපු ප්‍රකට ධර්ම කථිකයෙකුවූ ගම්පහ මහානාම හිමි නොහොත් නයන වාසුල මෙම පාතාල ඝාතකයින්ගේ ගොදුරක් බවට පත්වන්නේ අනපේක්ෂිත ලෙසිනි.
වෙඩික්කරුවන්ගේ පාපොච්චාරණය අනුව ඔවුන් නයන වාසුලට වෙඩි තබා ඇත්තේ වසන්තගේ සිකියුරිටි ඔහු යයි සිතාය.නමුත් ඇත්තටම එම අවස්ථාවේ සාප්පුවේ සිටි වසන්තගේ සිකියුරිටි තමන්ගේ ආරක්ෂාව පමණක් බලාගෙන ජීවිතය බේරාගන්නේය.
වෙඩි තබන අවස්ථාවේ කිරිබත් කා වතුර බොමින් සිටි සිකියුරිටි වෙඩික්කරුවන් ආ විගස ටැටූ සාප්පුවේ කැෂියර් මේසය අස්සට පැන දිවිබේරාගන්නා අයුරු සීසීටීවී දර්ශන වල දැක්වේ. ඔහු කෙතරම් බියට පත්වූවාද කියතොත් ඔහු සැඟවෙන්නට බඩගාද්දී යට ඇඳුම් පවා එළියට නිරාවරණය වෙයි.
සිකියුරිටි ලෙස වරදවා වටහාගත් නයන වාසුල නිරපරාදේ වෙඩිකන්නේ මේ අවස්ථාවේය.
අදාළ සීසීටීවී දර්ශන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval