
පසුගියදා මන්නාරම මූලික රෝහලේදී දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් බිරිඳ අහිමි වූ සැමියා සියදිවි හානිකරගෙන තිබෙන බව වාර්තාවේ.
වව්නියාව - මහිලාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රියේ විෂ සහිත ශාකයක් ආහාරයට ගැනීමෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
මෙම පුද්ගලයාගේ බිරිඳ 2024 ජූලි 28 වැනි දින මන්නාරම මූලික රෝහලේදී මියගොස් තිබූ අතර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය මිය ගිය බවට එම කාන්තාවගේ සැමියා සහ පවුලේ ඥාතීන් චෝදනා කර තිබුණි.
මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි මරියරාජ් සින්ධුජා නම් 27 හැවිරිදි උපාධිධාරි බිරිය මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර, ඇය ආපසු නිවෙසට යෑමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම මත යලි රෝහලට ඇතුළත් කරන්නට යාමේදී දැක්වූ නොසැලකිල්ල නිසා මරණය සිදුව තිබුණි.
මෙම සිදුවීම නිසා වෛද්‍යවරයෙකුගේ, හෙදියන් දෙදෙනෙකුගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුනි.
බිරිඳගේ වියෝව සහ අලුත උපන් දරුවාගේ තනිකම හේතුවෙන් සිත් තැවුලට පත් පුද්ගලයා පෙරේදා රාත්‍රියේ සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා විය.
මරියරාජ් සින්ධුජා නම් 27 හැවිරිදි උපාධිධාරි කාන්තාව මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කර නිවෙසට යෑමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත මාරු කොට යවා තිබුණි. එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුවේ කාර්ය භාර වෛද්‍යවරයා හා හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා ඇයට ප්‍රතිකාර දී නැත.
පැය කීපයකට පසු ඒ කාන්තාව මියගිය අතර, ඇයගේ මව විසින් ජනාධිපතිවරයාගේ සිට සියලු බලධාරීන්ට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ විය.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්ය භාර වෛද්‍යවරයා, හෙදියන් දෙදෙනකු හා පවුල් සෞඛ්‍ය සේවිකාවක වරදකරුවන් බවට හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
සිදුවීමෙන් අධික සිත්තැවුලෙන් සිටි සැමියා දිවිහානි කරගෙන ඇත. තනිවූ දරුවා මියගිය කාන්තාවගේ වැඩිහිටියන් භාරයේ සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval