
දැරණියගල රස්නකන්ද ඉන්න ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටියේ යැයි කියන සමාගම් අධ්‍යක්ෂවරයකු ඇතුළු 11 දෙනකු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමග පෙරේදා (24) සවස කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි.
නිදන් හෑරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් ද, කැණීම් උපකරණ රැසක් ද, පූජා භාණ්ඩ තොගයක් ද මෙම ද වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත. ඇමෝනියම් වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10ක්, ඩෙටනේටර් 42ක්, ජෙලග්නයිට් කූරු 24ක්, වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 3ක් සහ සේවා නූල් තොගයක් ද එහි තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
එම ඉඩමේ ගල්තලාවක් පුපුරවා හැර ඒ තුළ නිදන් කර ඇතැයි සැලකෙන නිධන් වස්තු ගොඩ ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි බව පැවැසේ. සමාගම් අධ්‍යක්ෂවරයාට අමතරව ධනවත් ව්‍යාපාරිකයකු ද, බැකෝ යන්ත්‍ර රියැදුරු හා පෙදෙරේරුවන් කිහිපෙදනකු ද අත්අඩංගුවට ගත් එකොළොස් දෙනා අතර සිටින බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ කළුබෝවිල, අවිස්සාවේල්ල, දැරණියගල, ගම්පහ, යක්කල, ජාඇළ සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. දැරණියගල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval