
දෙහිවල, ඕබන් පෙදෙස යාබද නිවාස දෙකක් අතර වැලක වනා තිබූ කාන්තා යට සායක් අනෙක් පැත්තේ නිවෙසෙ වත්තට වැටීම නිසා ඇති වූ ආරවුලක් දුරදිග ගොස් එක් නිෙවසක කාන්තාවක් විසින් අනෙක් නිෙවසේ කාන්තාවන් තිදෙනකුට බෝතලයක් කඩා එහි කටුවකින් ඇන තිබේ.
මෙහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති අතර සිද්ධියට සම්බන්ධ යාබද නිවෙසේ කාන්තාවන් තිදෙනකු දිග කඩුවක් හා පත්තක් සමඟ ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී එක් කාන්තාවකගේ පසුපසට වීදුරු කටු ප්රහාරයක් එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස 30 - 32 අතර වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්.ඒ.එස්.යූ.කේ. ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරු වන තෙන්නකෝන්, ක්‍රිශාන්ත යන නිලධාරීන් විසින් සිදු කරෙගන යනු ලබයි.
(දෙහිවල - ඩී.පී. හේරත්)
Comments
Post a Comment
Your comment will be visible after approval