
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි. දෙහිවල , කවුඩාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් දිගටම සිදු කෙරේ.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බව පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval