
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් වන තුවක්කු කරු සහ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 වියැති පුද්ගලයන් දෙදෙනෙකි.
මුතුවාදුර චරින්දු මදුශංක ද සිල්වා නොහොත් 'බහිරවයා' සහ වෙඩි තැබීම සිදු කළ මහදුර සජිත් ශ්‍රියන්ත ද සිල්වා, නෙහොත් 'පොඩි බලයා' යන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත් විය.
ඊයේ (28) රාත්‍රියේ දී මොවුන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා ට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් ගොස් තිබූ අතර සැකකරුවන් පින්වත්ත බස් නැවතුමේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරුවී කඩවත දක්වා ගමන්කර එහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.
වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval