
මන්කිපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන්කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා
ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කර සිටියේ ගුවන්තොටුපොළින් මෙරටට ඇතුළු විය හැකි අදාළ රෝගීන් හඳුනා ගැනීම සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩා ශක්තිමත් කර ඇති බවයි.ඒ අනුව කොළඹ වෛද්‍ය පරේක්ෂණ ආයතනය සතුව එම රෝගීන් හඳුනා ගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවද පැවසූ ලේකම්වරයා, ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු සෞඛ්‍ය සේවා ආයතන සඳහා නිකුත් කර ඇති බවද පෙන්වා දුන්නේය. මන්කිපොක්ස් රෝගය Mපොක්ස් වෛරසය හේතුවෙන් ඇති වන අතර, ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් රෝගය පැතිර යෑම හේතුවෙන් පැතිරීමේ අවදානම අඩු මට්ටමක පවතින බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේම ආසාදිත පුද්ගලයෙකු විසින් භාවිත කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක් පවතින බවත්, රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම වන බවත් එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.
නිදර්ශනි වික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval