
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඊයේ (14) පස්වරුවේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මෙම තීරණයට පැමිණි බව දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව අද (15) දන්වා ඇත.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් යන තිදෙනා මෙලෙස රනිල්ට සහ පළ කිරීමට තීරණය කර ඇති බවඅද පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval