
මහ බැංකු කොල්ලය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ආණ්ඩුවක් යටතේ මෙරටට ගෙනැවිත් ඔහුගෙන් ලබාගන්නා කටඋත්තර මත රනිල් වික්‍රමසිංහව ද අත්අඩංගුවට ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කිරිබත්ගොඩ නගරයේ ඊයේ (18) පැවැති ජන රැළිය අමතමින් පවසා තිබේ.
“මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ. අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ.
මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා.
අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.
ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ”.
Comments
Post a Comment
Your comment will be visible after approval