
මුලතිව් පුදුකුඩිඉරිප්පු තෝරවිල් ප්‍රදේශයේදී අවුරුදු 15ක පාසල් දැරියකට ලිංගික අතවර කළ බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
අත්අඩංගුවට පත් තරුණයා තමන්ගේ පෙම්වතා බවත් ඔහුගේ නිවෙසට තමන් රැගෙන ගොස් අවස්ථා කීපයක්ම අඹු සැමියන් ලෙස ජීවත් වූ බවත් එම සිසුවිය පොලිසියට ප්‍රකාශ කොට ඇත.
සිසුවිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම පිණිස පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මවට තොරතුරු පැවසීමෙන් පසුව මව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
නමුත් දැරියගේ මවුපියන් මේ වන විට පොලිසියෙන් ඉල්ලා ඇත්තේ නඩු මඟට නොගොස් තම දියණිය ඔහුට විවාහ කර දීමට ක්‍රමවේදයක් සකස් කොට දෙන ලෙසයි. ඇයට ලිංගික අතවර කළ තරුණයාගෙන් ප්‍රශ්න කොට ඔහුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පුදුකුඩිඉරිප්පු පොලිසිය පියවර ගෙන තිබේ.
(රසුල දිල්හාර ගමගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval