
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය නොහැකි වුවහොත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට හැකි වුවහොත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ජන හමුවක් පවත්වා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද මෛත්‍රීපාල සිරිසේන හෙළි කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කරණ බව මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇත.
මෙම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මූලස්ථානය වන අතුරුගිරිය පෝරේ පිහිටි කාර්යාලය යොදා ගන්නා බව හෙළි කර තිබේ. සති අන්තයේ පල කළ දේශය පුවත්පත වාර්තා කර තිබෙන්නේ විජේදාස රාජපක්ෂ ස්ථීර වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval