
තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
එලෙස ඝාතනය කර ඇත්තේ, අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
අද (23) අලුයම 1.30 ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයක් මත ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.
අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේ දී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණය වී තිබේ.
පසුව එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ, ත්‍රීරෝද රථය තම මස්සිනා වන 33 හැවිරිදි අයෙකුට හයර් දිවීම සඳහා ලබා දී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval