
ඒ අනුව ඔහු කියා සිටියේ "සමස්ත විශ්වවිද්යාල ප්‍රජාව ගෙන් ඉල්ලා සිටිනවා. අද දින සියලුම දෙනා සේවයට වාර්තා කරන්න.
ඊයේ දින කොටසක් වාර්තා කරා. ඒ වගේම අද වාර්තා කරලා වෙනදා සුපුරුදු පරිදි රාජකාරී කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන්ම පසුගිය දවස්වල වැඩ වර්ජන තුළ අතපසු වෙලා තියෙන ශිෂ්යයන්ගේ අධ්යයන කටයුතු අවශ්ය ඒ කාර්යභාරය යුහුසුළුව ඉටු කරලා දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් කැප වෙන්න "
ඔහු කීය.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්යාල අනධ්යයන සේවකයින් අඛණ්ඩව දින හැත්තෑපහක වැඩවර්ජනයක නිරත වූ අතර මේ හේතුවෙන් රජයේ විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතන රැසක කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval