
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටෙරන්ස් මධුජිත් මහතා පත් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයා වූ ඔහු 2021 වර්ෂයේ සිට කටයුතු කළේ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙනි.
විශ්වවිද්‍යාල ආචාර්‍යය මණ්ඩලයේ ඡන්දයකින් අනතුරුව පීඨාධිපති තෝරා ගැනෙන අතර; පසුව කුලපතිවරයාගේ එකඟත්වය මත උප කුලපතිවරයාගේ නම යෝජනා කෙරෙයි.
ඉන් අනතුරුව සම්මත වූ නම පූර්ණ අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබුණි.
පසුව විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ප්‍රකාරව අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක (03) කාලසීමාවක් සඳහා ජනපතිවරයා මෙම පත්වීම සිදු කර ඇත.
මහාචාර්‍යය ටෙරන්ස් මධුජිත් ආහාර විද්‍යාව සම්බන්ධයෙන් කැනඩාවෙන් පශ්චාත් උපාධිය සහ ආචාර්‍ය උපාධි සම්පූර්ණ කළ අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval