
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ වැලිගම - මිරිස්ස මුහුදේ දිය නෑමට ගිය දකුණු කොරියානු කාන්තාවක දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිදුවීම ඊයේ (13) සවස සිදුව ඇති බව පොලිසිය පවසයි.
කාන්තාව රළ පහරට ගසාගෙන යන අවස්ථාවේ වෙරළාරක්ෂක නිලධාරීන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් ඇයව ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබූ නමුත්
ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවක වන අතර ඇය පිරිසක් සමග ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval