
රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.
මියගිය දැරිය අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නමැති පුංචි දියණියකි.
එම ඛේදවාචකය සිදුව ඇත්තේ පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවය.
මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇත.
රුවන්වැල්ල පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.

Comments
Post a Comment
Your comment will be visible after approval