
කොළඹ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ ගින්නක් අද දහවල් 10.30 ට පමණ හටගත් බව වාර්තාවේ.
දැනගන්නට ලැබෙන පරිදි මෙහි පොත් ගබඩා අංශයට හානියක් නැති බවත් බිම් මහලේ පිහිටි රැස්වීම් ශාලාව ආසන්නයේ ගින්න හටගත් බවත් වාර්තාවේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එහි ගොස් තිබෙන අතර
මේ වනවිට මැඩපවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ගිනි නිවීමේ රථ 03ක් සහ නිලධාරීන් 13 දෙනෙකු කොළඹ මහ නගර සභාවෙන් යෙදවූ බව දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval