
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවය කරන රේගු නිලධාරියකු පෙරේදා (27) රාත්‍රි ඔහුගේ විවේක කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි මත්තල පොලිසිය පැවැසීය. මියගොස් ඇත්තේ රුක්මලේ, පන්නිපිටියේ පදිංචි ඩබ්ලිව්.එම්.එන්.එස්. විජේතුංග නමැති 36 හැවිරිදි රේගු නිලධාරියාය.විවාහකයකු වන මෙම රේගු නිලධාරියා ඉකුත් 22 වැනිදා කොළඹ රේගු අධිකාරි කාර්යාලයේ සිට ස්ථාන මාරු ලබා මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ සේවය සඳහා පැමිණ ඇත.
ඔහු රාජකාරි නිවාඩු ලබා ඊයේ (28) සිය නිවෙසට යාමට නියමිතව සිට ඇතැයි පොලිසිය පැවැසීය.මියගිය රේගු නිලධාරියාගේ බිරිඳ පෙරේදා (27) රාත්‍රි 8 ට පමණ ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එයට ප්‍රතිචාර නොදැක්වූ බැවින් වෙනත් රේගු නිලධාරියකුට දුරකතන ඇමතුමක් දී සිය සැමියා පිළිබඳව සොයා බලන ලෙසට දැනුම්වත් කර ඇතැයි පොලිසිය පැවැසීය. ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී මියගිය රේගු නිලධාරියා සිය විවේක කාමරයේ ඇද මත නිහඬව වැතිර සිටියදී ගුවන් තොටු පොළේ සේවකයන්ට හමුවී ඇතැයි පොලිසිය පැවැසීය. පසුව ගුවන් තොටු පොළ රෝහලේ වෛද්‍ය ඩබ්ලිව්.එම්.එච්. ක්‍රිෂාන්ත මහතා රෝගියා පරීක්ෂා කර පැය හතරකට පෙර ඔහු මියගොස් ඇතැයි ප්‍රකාශ කර ඇත.මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.එම්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පද්මසිරි ගාර්දියවසම්
Comments
Post a Comment
Your comment will be visible after approval