
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදල් සමග දෙදෙනකු කොටහේන සුපිරි වෙළඳසලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 14 හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 10 ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 85 ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයිති බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන මහල් නිවාස සහ ජින්තුපිටිය පදිංචිකරුවෝ වෙති.සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval