
සුරේන්ද්‍ර වසන්තගේ මෘත දේහය ප්‍රදර්ශනය කළ බොරැල්ල ජයරත්න මල්ශාලාවට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙකක් ලැබී තිබිම ගැන පොලිසිය පවත්වන පරීක්ෂණයේදී එකී දුරකථනයේ සිම් කාඩ්පත සිසුවියකගේ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණය කරගෙන තිබේ.
එම සිසුවා බොරැල්ල පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන මාතලේ පදිංචි සිසුවියක වන අතර එම දුරකථන අංකයෙන් වෙනත් ඇමතුම් පිටත ගොස් නැති එකක් බවත් තර්ජනාත්මක ඇමතුම් සඳහා පමණක් භාවිත කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
එම සිසුවිය මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඇගේ නමට මෙය තිබුණත් පාවිච්චි කළේ වෙනත් අයෙකුද යන්න ගැන පරීක්ෂණයක් අරඹා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval