
ජාඇල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන උද්‍යානයක වැඩිහිටියන් සඳහා පමණක් ඉදිකර ඇති පිහිනුම් තටාකයක ගිලී අවුරුදු පහක දරුවකු පෙරේදා (29) සවස මිය ගොස් ඇතැයි කදාන පොලිසිය සදහන් කරයි.මිය ගොස් ඇත්තේ කොළඹ 09, පාලිත පෙදෙසේ එම්. ආනන් නමැති සිගිත්තකු බව පොලිසිය කියයි.
මියගිය මෙම සිඟිත්තාගේ මවුපියන්ට වැඩිමල් නිවුන්නුන් දෙදෙනකු ද ඊට පසුව ලැබුණු නිවුන් දරුවන් දෙදෙනකු සහ අවුරුදු දෙකහමාරක් වයස තවත් දරුවකුද සිටින බව කඳාන පොලිසිය පැවසීය.පිහිනුම් තටාකයේ ගිලි මිය ගොස් ඇත්තේ දෙවනුවට ලැබුණු නිවුන්නු දෙදෙනාගෙන් අයකු බව පොලිසිය සඳහන් කරයි.
කුඩාම දරුවා හැරෙන්නට අනෙක් දරුවන් සමග දරුවන්ගේ පියා පිහිනුම් තටාකයේ බැස සිටියදී අවුරුදු පහක් වයස නිවුන් දරුවා එහි ගිලී සිටියදී ගොඩට ගෙන රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇතැයි පොලිසිය කීය.අඩි හතරක් පමණ ගැඹුර ඇති මෙම පිහිනුම් තටාකය වැඩිහිටියන් සඳහා පරිහරණය කිරීමට පමණක් යොදා ගන්නා එකක් යැයි පොලිසිය පැවසීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval