
වෙළඳ පොළ තුළ භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක් සඳහා මේ මස 07වන දින දක්වා බලපැවැත්වෙන ලෙස ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය ප්‍රකාශයට පත් කර තිබේ.මේ අනුව තිරිඟු පිටි කිලෝවක් සිල්ලර මිල රුපියල් 178 රුපියල් 196ක් ලෙසත් හා සුදු සීනි කිලෝවක මිල රුපියල් 265ත් රුපියල් 291ත් ලෙසත්,
පරිප්පු කිලෝවක් රුපියල් 280ත් 308ක් ලෙසත්, අර්තාපල් (පකිස්තාන) රුපියල් 190ත් රුපියල් 210ත් හා ලොකු ලූනු කිලෝවක් (ඉන්දියා) රුපියල් 258ත් රුපියල් 290ක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.
වියළි හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක මිල රුපියල් 860ත් රුපියල් 946ත් ලෙසත්, අනෙකුත් වර්ගයේ වියළි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 774ත් රුපියල් 852ක්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 750ත් 844ත්, බිත්තරයක් (සුදු) රුපියල් 43ත් රුපියල් 47ත් හා බිත්තරයක්(දුඹුරු) රුපියල් 45ත් රුපියල් 49ත් හා ටින් කළ මාළු (දේශීය ග්‍රෑම් 425) රුපියල් 360ත් රුපියල් 500ත්, ආනයනික ටින් මාළු ටින් එකක් රුපියල් 365ත් රුපියල් 462ත්, ආනයනික චිලි මාළු ටින් එකක් රුපියල් 526ත් රුපියල් 592ත් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
කැකුළු සහල් (සුදු) කිලෝවක් රුපියල් 181ක් රුපියල් 199ක් හා කැකුළු(රතු) රුපියල් 167ත් රුපියල් 184ත්, නාඩු (සුදු) කිලෝවක් රුපියල් 188ත් රුපියල් 209ත්, කුකුල් මස් බ්‍රොයිලර් (සම සහිත) කිලෝවක් රුපියල් 900ත් රුපියල් 1000ත් ලෙසත් මිල ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval