
අද (24) අලුයම දක්ෂිණ අධිවේගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
අධිවේගී මාර්ගයේ 174.2 ආර් ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපසින් ගැටී අනතුරක් සිදුවිය.
අනතුරින් පිටුපස ලොරි රථයේ රියදුරු, රිය සහායක සහ ඉදිරියෙන් ධාවනය කළ ලොරියේ රිය සහායකයා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ලොරියේ රිය සහායකයා මියගොස් තිබෙයි.මියගිය අය 35 හැවිරිදි හල්ගහඔය, නුවරඑළියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැනපත් කර තිබෙයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval