
අතුරුගිරියේදී ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් දුලාන් සංජුල නමැති ටැටූ ආයතනයේ හිමිකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ඉල්ලීමක් අනුව මේ පියවර ගෙන තිබේ. අනෙක් සැකකරුවන් 6 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වාට්ටු දෙකක වෙන වෙනම රඳවා තිබෙන බවද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා කීය.
මේ අතර අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී තවත් රැඳවූවකුගේ බ්ලේඩ් ප්‍රහාරයකට ගොදුරුව මුහුණේ කැපුම් තුවාල ලබා වැලිකඩ බන්ධනාගර රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරික්ෂකවරයා තවදුරටත් බන්ධනාගාර රෝහලේම රඳවා සිටින අතර,
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සමඟ ඒ බන්ධනාගාරයටම යොමු කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල්ද වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා තිබේ. ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර වැලිකඩ බන්ධනාගාර රෝහලට මෙසේ මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval