
අද (16) සන්ධ්‍යා කාලයේ අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය වාර්තා කරයි.
නිවසක් ඉදිරිපිටදී 41ක් හැවිරිදි ධම්මික නිරෝෂන නමැති හිටප්‍ර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති අතර
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් හෙළි වී නොමැත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ධම්මික නිරෝෂන මෙරට පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක් වන 'චිලව් මේරියන්ස් 'කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
2002 වසරේ නවසීලන්තයේ පැවැති වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කර තිබෙන ඔහු අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලක පාසල් ක්‍රිකට් නායකත්වයද දරා ඇති අයෙකි.
වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval