
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා මෙම තහනම නිකුත් කළේය.
තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වේ.
මෙම නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ජයසේකර මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval