
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙස එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ ප්‍රකාශ කළේය.
මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ ප්‍රකාශ කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.
රුපියල් 10කින් පාන් මිල අඩුවූ විට 130 ක් විය යුතු වුවද තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බව ජනතාව පෙන්වා දෙති.
පසුගිය 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා දන්වා සිටියේ සෙසු බේකරි නිෂ්පාදන මිල වෙනස් නොකරන බවද පවසමිනි.
ඉන්ධන සහ ගෑස් මිල අඩු වීමේ සහනය පාරිභෝගික ජනතාවට දීමේ අරමුණින්
පාන් ගෙඩියක මිල සංශෝධනය කළ බව දන්වා තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval