
ඊයේ (16) රාත්‍රියේ ගාල්ල අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය වීම පසුපස පාතාල සබඳතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.
දිගුකලකට ඉහත 2002 දී අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ ක්‍රිකට් ක්‍රීඩාවේ දිගටම නිරතවූයේ නැත. ඩුබායිහි රැකියාවක් කළේය.ඔහු මෑතකදී ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. ධම්මික නිරෝෂණ අපරාධ සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනා නැති බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්
මොහු ඩුබායිහි සිටින පතාල කල්ලි සාමාජික සුරංග මානවඩු නැමැත්තාගේ හිතවතෙකු බව මෙතෙක් සිදුකර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා නිවස ඉදිරිපිට රැඳී සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබුණි.
41 හැවිරිදි ධම්මික නිරෝෂණ දෙදරු පියෙකි.


Comments
Post a Comment
Your comment will be visible after approval