
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද (4) රාත්‍රී 9.00 සිට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක් නිවේදනය කර ඇත. බ්‍රහස්පතින්දා රාත්‍රියේ සම්ප්‍රේෂණ නලයක හදිසි අලුත්වැඩියාවක් සිදුවන නිසා කොළොන්නාව නගර සභාව, කඩුවෙල මහ නගර සභාව සහ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුවන බව දන්වා ඇත.
04 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 සිට 05 සිකුරාදා සවස 3.00 දක්වා පමණ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහා මෙම තාවකාලික අත්හිටුවීම සිදුවන බවත් නිවැසියන්ට අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත්, බාධාව පවතින කාලය සඳහා ප්‍රමාණවත් තරම් ජලය අරපිරිමැසුම් කරන ලෙසත් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval