
කේපීඅයි සඳහන් උණ්ඩ මගින් වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවූ අතරවාරයේ කංජිපානි ඉම්රාන්ගේ සගයා වූ මාකඳුරේ මදුෂ්ගේ සොහොන ළඟ තබාතිබෙන බැනරයක් ගැන මාධ්‍ය අවධානය යොමුවී තිබේ.
මෙරට පාතාලයේ රජු ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී කොටුවීමෙන් පසු මෙරටට රැගෙනවිත් තිබියදී පොලිසිය සමග ගැටුමක් අතරදී මදුෂ් මියගිය අතර මදුෂ් අල්ලන්ට ඔත්තුදීම හා මදුෂ්ගේ ණයක් පැහැරහැරීම වැනි කාරණා නිසා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගැන මදුෂ්ට හිතැති පාතාලය වෛරයකින් පසුවූ බව කියැවිණි.
අද දින මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයෙහි ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර
එහි සඳහන් වී ඇත්තේ, "අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න." යනුවෙනි.එම බැනරයේ යටින් K.P.I. යනුවෙන් අකුරු තුනක්ද සටහන් කර තිබිණි.


Comments
Post a Comment
Your comment will be visible after approval