
බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබේ.
එහි සිටි තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොනරාගල සිට පැමිණි පිරිසකි
තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුළු කර තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval