
ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
අද (01) සිට ශ්‍රී ලංකා මුදලින් 146,000ක් වූ ශිෂ්‍ය වීසා ගාස්තුව මේ වන විට රුපියල් 3 25,000 දක්වා ඉහළ ගොස් තිබේ.
තාවකාලික වීසා බලපත්‍ර සංචාරකයින්, තාවකාලික උපාධිධාරීන් සහ කාර්ය මණ්ඩල වීසා භාවිතා කරන්නන්ට තවදුරටත් ශිෂ්‍ය වීසා බලපත්‍ර භාවිතා කළ නොහැකි බව ද නිවේදනය කර ඇත.
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ වත්මන් වෙනස්කම් ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට සහ සංක්‍රමණය අඩු සහ යහපත් කිරීමට උපකාරී වනු ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval