
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් එයිට් තරග වටය සදහා මේ වන විට කණ්ඩායම් හතරක් නිශ්චිතව සුදුසුකම් ලබා තිබෙයි.
සුපර් එයිට් වටයට එක්වන කණ්ඩායම් අතරට ඇතුළත් වන කණ්ඩායම් වන්නේ ඉන්දීයාව , ඔස්ට්‍රෙලියාව , බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවයි.
මෙම කණ්ඩායම් සියල්ල මෙතෙක් තමන් මුහුණ දී ඇති සියලු තරග ජයගෙන අපරාජිතව සිටී.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ තවත් තරග 14ක් පැවැත්වීමට ඉදිරි දින 5 තුළ ලබන 18 වනදා පවත්වන අතර සුපර් එයිට් තරගවටය ලබන 19 වනදා සිට ආරම්භ කිරීමට නියමිය.
Comments
Post a Comment
Your comment will be visible after approval