
මේ දක්වා වෙළෙඳ රාජ්‍ය ඇමති ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාට අමතර පරිසර විෂයද පැවරී ඇති අතර වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (24) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සිටින්නෙකි.
මෙම සතියේ සිදුවන්නට යන පොහොට්ටු එජාප සංක්‍රමණය හා ඇමති ධූර සංශෝධනවල ආරම්භක සිදුවීමක් ලෙස මෙය සිදුව ඇති බව වාර්තාවේ.
මේ අතර පොහොට්ටුවේ 43 ක් ජනපති රනිල් නායකත්වයට පක්ෂපාතීත්වය දක්වමින් රාජපක්ෂවරුන් අතැර එන බව බවට දේශපාලන ආරංචි හෙළි කර තිබේ. ඒ අය අතර කැබිනට් ඇමතිවරු 03 ක් රාජ්‍ය ඇමතිවරු 13 ක් හා මන්ත්‍රීවරු 27 ක් සිටින බව කියැවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval