
අද දින කාසියේ වාසිය දිනාගත්තේද ඉන්දියාව වන අතර ඔවුන් මුලින් පහරදීම තෝරාගෙන තිබුණි. නමුත් ලකුණු ලබාගැනීමේ වේගය අද ප්‍රමාණවත්වූයේ නැත. කෝලි 76 ක් අක්සර් 47 ෂිවාම් 27 හැර අනෙක් පිතිකරුවන් අද සාර්ථකවූයේ නැති අතර කඩුළු 7 ක් දැවී ඕවර 20 අවසානයේ රැස් කළේ 176 ක් පමණි.
එය අවසන් තරගයකට ප්‍රමාණවත් බවට විචාරකයින් මත කර තිබුණි.
දෙවැනි ඉනිම ක්‍රීඩා කරද්දී දකුණු අප්‍රිකානු පිල ලකුණු 12 කට කඩුළු 2 ක් දැවී මුලදී යම් අසීරුතාවකට පත්වූ නමුත් තරගය කණපිට හරවන්නට සමත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රික් ක්ලාසන් සමත්විය. ඔහු පන්දු 27 කදී ලකුණු 52 ක් රැස් කළේය. තරගයේ ඉතිරි අර්ධය ශක්තිමත් ලෙස ගෙනයාමට ඩේවිඩ් මිලර් ක්‍රියා කරන්නට සූදානම් වුවත් අවසානයේ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතාව හමුවේ දකුණු අප්‍රිකාවට පරාජය උරුම විය.
අවසන් ඕවරයේ මිලර් දැවීයාමකට ලක්කරගන්නට හැකිවීම ඉන්දියාවට විශාල වාසියක් අත්කරදුණි. දකුණු අප්‍රිකාව සිය ඉනිම අවසන් කළේ, කඩුළු 9 කට ලකුණු 169 ක් ලබමිනි.
ඒ අනුව මෙවර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව සතුකරගත් අතර දකුණු අප්‍රිකාව අනුශූරයින් බවට පත්විය.
පසුගිය එක්දින ලෝක කුසලානය අවසානයේ තමන්ගේ රටේදී ඕස්ට්‍රෙලියාවට පරාජය වූ නමුත් ඉන්දියාවට මෙම තරගයේදී වාසනාව උදාවූ අතර දකුණු අප්‍රිකාව පරාජය කරගන්නට හැකිවිය.

Comments
Post a Comment
Your comment will be visible after approval